Monday, September 26, 2022

 

Cp/Wt/Kengalla Primary School - About Us..................

කෙන්ගල්ල ප්‍රාථමික විද්‍යාලය දීර්ඝ  ඉතිහාසයකට උරුමකම් කියයි. මෙම පාසල මධ්‍යම පළාතේ මහනුවර   දිස්ත්‍රීක්කයේ කුණ්ඩසාලේ  අධ්‍යාපන  කොට්ඨාසයේ දිගන මහනුවර ප්‍රධාන මාර්ගය ආසන්නයේ කෙන්ගල්ල  ආසන්නයේ පිහිටා ඇත . 

කෙන්ගල්ල ග්‍රාම සංවර්ධන සමිති අනුග්‍රහයෙන් අප පාසල ක්‍රිස්තු වර්ෂ 1884  දී කුඩා පොල් අතු මඩුවක් ආරම්භ වී ඇත. එහි ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 11 ක් වී ඇති අතර විදුහල්පතිතුමා සහ ගුරුවරුන් දෙදෙනෙකු සේවය කර ඇත.

 පාසලේ වර්තමාන ශිෂ්‍ය සංඛ්‍යා 1010කි.  ගුරුමණ්ඩලය 36කි. අනධ්‍යයන  කාර්ය මණ්ඩලය හතරකි. වර්තමාන පළමු ශ්‍රේණියේ සිට පස් වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර එක ශ්‍රේණියක සමාන්තර පන්ති පහකි.  පාසලේ  පන්ති  සංඛ්‍යාව 25 කි. 

එදා පොල් අතු මඩුවකින් ආරම්භ වූ පාසලේ වර්තමානය වන විට දෙමහල් ගොඩනැගිලි දෙකක් සහ තනි මහල් ගොඩනැගිලි හයකින් සමන්විත වෙයි. භූමි ප්‍රමාණය අක්කර එක හමාරකි. සම්පූර්ණ භූමි වපසරියෙන්   ඵලදායිව ප්‍රයෝජනයට ගෙන ඇත. 

වර්තමානය වන විට පාසල වත්තේගම අධ්‍යාපන කලාපයේ ජනප්‍රියතම ප්‍රාථමික පාසල් වලින් එකකි.  පාසලට දෙමව්පියන්ගෙන් අධික ඉල්ලුමක් පවතී.  පළමු   ප්‍රධාන අවධිය සහ දෙවන  ප්‍රධාන අවධියේ අත්‍යවශ්‍ය ඉගෙනුම් නිපුණතා සාක්ෂාත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස සියයට 95 ඉක්මවා ඇත. පහ වසර ශිෂත්ව විභාගය සමත්වීමේ ප්‍රතිශතය සියයට 18 ඉක්මවා ඇත . 

No comments:

Post a Comment

Retirement of Mrs. A.M.Sandya Kumari - 2025.04.30

 Vishrama Harasara...........!!!